
උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
කීරි සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 260 ක් වන අතර, ඇතැම් වෙළඳුන් තොග සගවාගෙන අධික මිලකට මෙම වර්ගයේ සහල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
එවැනි වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර එහිදී රුපියල් පන් ලක්ෂයක උපරිම දඩයකට හෝ මාස හයක සිර දඬුවමකට නියමවීමට හෝ මෙම දඬුවම් දෙකටම ලක්වීමට සිදුවනු ඇති.



