World

තාවකාලිකව අත්හිටුවා තිබූ කටාර් එයාර්වේස් සමාගමේ ගුවන් ගමන් යළි ආරම්භ කරයි

තාවකාලිකව අත්හිටුවා තිබූ කටාර් එයාර්වේස් සමාගමේ ගුවන් ගමන් යළි ආරම්භ කරයි

තාවකාලිකව අත්හිටුවා තිබූ කටාර් එයාර්වේස් සමාගමේ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කටාර් රාජ්‍යයේ ගුවන් අවකාශය යළි විවෘත කිරීමත් සමඟ කටාර් එයාර්වේස් සමාගම මෙම තීරණය ගැනීමත් සමගය.

කටාර් එයාර්වේස් ගුවන් සමාගම X පණිවුඩයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, ගුවන් මගීන්ට නැවත නිවෙස් බලා යාමට හෝ ඔවුන්ගේ ඉදිරි ගමන ආරක්ෂිතව හා සුමටව ළඟා කර ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවය.

ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කරන විට ගුවන් මගීන්ට සහාය වීම සඳහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අමතර කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව කටාර් එයාර්වේස් ගුවන් සමාගම පවසයි.

මේ අතර ගුවන් මගීන්ට ගමන් කිරීමට පෙර කරුණාකර http://qatarairways.com වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස කටාර් එයාර්වේස් සමාගම ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related Articles

Back to top button