Business

2025 සංචාරක පැමිණීම පන්ලක්ෂය ඉක්මවයි. මාර්තුවේ වැඩිම පැමිණීම රුසියාවෙන්

2025 සංචාරක පැමිණීම පන්ලක්ෂය ඉක්මවයි. මාර්තුවේ වැඩිම පැමිණීම රුසියාවෙන්

2025 වසරේ මාර්තු 5 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී 530,746ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාර්තු මාසයේ පළමු දින 5 තුළ පමණක් සංචාරකයින් 37,768ක් මෙරටට පැමිණ ඇති බවයි.

මෙතෙක් අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූයේ ඉන්දියාවෙන් වුවත් මාර්තු මාසයේ පළමු දින 5 තුළ 5,768ක ඉහළම සංචාරක පැමිණීමක් රුසියාවෙන් වාර්තා වී ඇත.

මීට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 5,373ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,847ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 3,381ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

 

Related Articles

Back to top button