
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අක්කර 28,000කට ආසන්න භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී තිබෙනවා.
ලැව්ගිනි පැතිර යාම තවදුරටත් සිදු වන අතර එය මැඩපැවැත්වීමට නොහැකි වී ඇත්තේ හමා යන දැඩි සුළං හේතුවෙන්.
මෙය ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විශාලම සහ විනාශකාරී ලැව් ගින්නවනවා.
මේ අතර, ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශයේ වායු ගුණාත්මක භාවය දරුණු ලෙස පහතට වැටී තිබෙනවා.
එය ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු ගුණාත්මකභාවයද අභිබවා යෑමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



