
2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහ තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතරයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගිය 26 වැනිදා සුපිරි තරගයකින් පසුව පාකිස්තාන කාන්තා කණ්ඩායම පරාජයට පත්කර අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
බංග්ලාදේශ කන්තා කණ්ඩායම පරාජයට පත්කරමින් වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කාන්තා කණ්ඩායමද අපරාජිතව මෙවර අවසන් මහාතරගයට සුදුසුකම් ලැබුවා.
පසුගියවර (2022) ආසියානු කුසලාන අවසන් මහා තරගයටද ශ්‍රි ලංකාව හා ඉන්දියානු කණ්ඩායම් තරග කළ අතර එහිදී ආසියානු ශුරියන් බවට පත්වූයේ ඉන්දියානු කණ්ඩායමයි.
මෙම තරගය අද (28) සවස 3.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා හා ඉන්දියානු ජාතික කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන T20 තරගය අද රාත්‍රී 7 ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටද නියමිතයි.



