Business

රටවල් 35කට දින 30ක ගාස්තු රහිත වීසා

රටවල් 35කට දින 30ක ගාස්තු රහිත වීසා

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව පත් කරනු ලැබ ඇති විශේෂඥ කමිටුව විසින් ශ්‍රී ලංකාව සමඟ සංචාරක ක්ෂේත්‍රයේ තරගකාරී ලෙස කටයුතු කරනු ලබන රටවල් 08ක් පිළිබඳ කරුණු අධ්‍යයනය කර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් එකී වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී.
එම විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාත්, එකී නිර්දේශ මත පදනම්ව 2024-10-01 දින සිට ආරම්භව මාස 06ක කාලයක් සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30කට වලංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම පිණිසත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

Related Articles

Back to top button