එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
පළමු ටෙස්ට් තරගයෙන් ලද පරාජයත් සමග ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ තරගාවලිය එකට එකක් ලෙස සම කර ගැනීමේ අරමුණ ඇතිවයි.
ඒ සඳහා යන ගමනේදී පැතුම් නිස්සංක යළි ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග එක්වීමට නියමිත අතර මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී කඩුලු රැකීමේ වගකීමෙන් ඉවත් කර පිතිකරුවෙකු ලෙස පමණක් ක්රීඩා කරනවා.
කඩුලු රැකීමේ වගකීම නිෂාන් මදුෂ්කට ලබාදීමත් සමග කලකට පසු කුසල් මෙන්ඩිස්ට මෙම ටෙස්ට් තරගයේදී සිය ස්ථානය අහිමිව යෑමට නියමිතයි.
ලෝඩ්ස්හිදී එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගයක් වසර 33කින් ශ්රී ලංකා කණ්ඩායම පරාජය වී නොමැති අතර අවසන් වරට මෙම ක්රීඩා පිටියේදී දෙරට අතර පැවැති ටෙස්ට් තරග පහම නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.
එමෙන්ම ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස්හිදී පළමු ටෙස්ට් තරගය පවත්වා ඉන් වසර 40කට පසු ශ්රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය හෙට පස්වරු 3.30ට ආරම්භ වීමත් කැපී පෙනෙනවා.