World

ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා අද

ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා අද

රුසියා – යුක්රේන යුද්ධය අවසන් කිරීම සදහා වූ සාකච්ඡාවකට අද (18) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදමීර් පුටින් එක්වීමට නියමිතයි.

මෙම සංවාදයට පෙර බෙහෝ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකගතාවයට පැමිණ ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

මීට පෙර ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ සටන් විරාමයක් වෙනුවෙන් දෙපාර්ශවය අතර කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

පසුගියදා යුක්‍රේනය දින තිහක සටන් විරාමයකට කැමැත්ත පළකළ ද රුසියාව ඊට කොන්දේසි ඉදිරිපත් කර තිබුණා.

රුසියානු ජනාධිපති වැලදිමීර් පුටින් කියා සිටියේ තමන් කෙටි කාලීන සටන් විරාමයක් නොව ස්ථිර විසඳුමක් බලාපොරොත්තු වන බවයි.

Related Articles

Back to top button