World

හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්

හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්

හූති පාලනය යටතේ පවතින වයඹදිග යෙමනයේ අප්‍රිකාණු සංක්‍රමණිකයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

හූති පාලනය කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ සංක්‍රමණිකයින් 115 දෙනෙකු පමණ එම ස්ථානයේ රඳවා සිට ඇති බවය.

සෞදි අරාබියේ රැකියා ලබා ගැනීම සඳහා යේමනය හරහා ගමන් කරමින් සිටියදී ඉතියෝපියාව සහ අනෙකුත් අප්‍රිකානු රටවලින් පැමිණි පුද්ගලයින් 100 දෙනෙකු පමණ මෙම පහසුකම තුළ රඳවාගෙන සිටි බවද වාර්තා වේ.

මෙම සංක්‍රමණිකයින් අතර ඉතියෝපියාව සහ අනෙකුත් රටවලින් පැමිණි අප්‍රිකානු සංක්‍රමණිකයින් ඇතුළත් වී ඇති අතර ඔවුන්ගෙන් 68 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

Back to top button