Business

මැයි 6 කොටස් වෙළෙඳපොළ කලින් වැසෙයි

මැයි 6 කොටස් වෙළෙඳපොළ කලින් වැසෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙයි.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට කලින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇත.

Related Articles

Back to top button