Sports

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි

පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබෙනවා.

පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වයට මීට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ද මෙයට ඇතුළත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පිරිමි ආසියානු කුසලානය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

ACC හි වත්මන් සභාපතිත්වය දරන්නේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මොහ්සින් නක්වි විසින්.

Related Articles

Back to top button