Local NewsWorld

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

ඉන්දු - ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබේ.

පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන නවතා දමා තිබුණි.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන කටයුතු කර තිබුණි.

පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 108  කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබේ.

Related Articles

Back to top button