Local News

නව විගණකාධිපති ගැන තීරණයක් අද පස්වරුවේ

නව විගණකාධිපති ගැන තීරණයක් අද පස්වරුවේ

අද (20) පස්වරු 2.00ට ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව අනාවරණය කළේය.

පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“විගණකාධිපතිවරයෙක් මේ රටේ සිටිය යුතුයි. දැන් දවස් 41ක් වෙනවා, විගණකාධිපතිවරයෙක් මේ රටට නැහැ. අවුරුදු 225ක් තිස්සේ විගණකාධිපතිවරරෙයක් පත් කිරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායක් තියෙනවා. රාජ්‍ය ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ ඉන්න පුද්ගලයාව පත් නොකර තිබීමට රජයේ යම්කිසි හේතුවෙක් තිබෙනවාද?“

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

“අද හවස දෙකට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවා. එතනදී අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා, ජනාධිපතිතුමා නිර්දේශ එවලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වැඩකටයුතු කරනවා.“

Related Articles

Back to top button