Entertainment

සනී ලියොන්ට අපේ තැඹිලිවලට හිත ගිහින්ලු

සනී ලියොන්ට අපේ තැඹිලිවලට හිත ගිහින්ලු

බොලිවුඩ් නිළියක වන සනී ලියොන් මෙරට තැඹිලි සඳහා දැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වෙනවා.

සංචාරයක් සඳහා ඉකුත් දා මෙරටට පැමිණ සිටි සනී ලියෝන් කොළඹදී කළ ටික්ටොක් වීඩියෝවකින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා තමන් මහත් ඇල්මක් දක්වන බවයි.

“විනෝදජනක කරුණක් නම්, මම මෙහි පැමිණි පළමු අවස්ථාව මම තැඹිලි ගෙඩියක රස බැලූ පළමු අවස්ථාවයි” ඇය ගුවන් තොටුපළේ සිට කොළඹ නගරයට යන අතරතුර රූගත කරන ලද වීඩියෝව ඔස්සේ පවසයි.

“ඒවා කුරුම්බාවලට වඩා ගොඩක් හොඳයි.” යනුවෙන් ද එහි දැක්වේ.

“තවත් විනෝදජනක කරුණක් වන්නේ මම මගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය රූගත කළේ ශ්‍රී ලංකාවේදී” ඇය තවදුරටත් කියා සිටිනවා.

කැනඩාවේ උපත ලද සනී ලියොන්ගේ මව්පියන් ඉන්දියානුවන් වෙනවා.

අනතුරුව ඇය ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර කලක් ප්‍රකට නිල් චිත්‍රපට නිළියක් ලෙස වෘත්තීමය වශයෙන් කටයුතු කර, මේ වනවිට බොලිවුඩයේ වෙනත් මාදිලිවල චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වනවා.

Related Articles

Back to top button