World

ඉරානයට එරෙහි යුද්ධයට සහාය නොදෙන රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

ඉරානයට එරෙහි යුද්ධයට සහාය නොදෙන රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග සඳහා එක්වීම ප්‍රතික්ෂේප කර ඇති රටවල් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් සිය විවේචන එල්ල කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින, එහෙත් ඉරාන පාලනයට එරෙහි මෙහෙයුම්වලට සහාය නොදෙන බ්‍රිතාන්‍යය වැනි රටවල් වෙත උපහාසාත්මක යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සඳහන් කර තිබුණි.

“මා සතුව ඔබට යෝජනා දෙකක් තිබෙනවා. පළමුවැන්න, අමෙකාවෙන් ඉන්ධන මිලදී ගන්න, අප සතුව ඕනෑ තරම් තිබෙනවා. දෙවැන්න, දැන්වත් ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබට අවශ්‍ය දේ බලහත්කාරයෙන් ලබාගන්න.”

මෙහිදී ප්‍රංශය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ ට්‍රම්ප්, සැපයුම් රැගත් අමෙරිකානු ගුවන් යානාවලට ප්‍රංශ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදීම ඉතාම අහිතකරයි” යනුවෙන්ද චෝදනා කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුකරන මිලිටරි මෙහෙයුම් සඳහා සහභාගී වීමට අකමැත්ත පළ කරන යුරෝපීය රටවල් සහ ඔවුන්ගේ නායකයන් ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වෙමින් සිටි.

Related Articles

Back to top button