Business

2025දී දින 9ක් තුළ සංචාරකයින් 70,000ක් දිවයිනට

2025දී දින 9ක් තුළ සංචාරකයින් 70,000ක් දිවයිනට

2025 වසරේ මුල් දින 09 තුළ දී විදෙස් සංචාරකයින් 70,944ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

සුපුරුදු පරිදි මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 11,749 කි. මීට අමතරව රුසියාවෙන් 11,629 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙම දින 09 තුළ පැමිණ තිබීම ද විශේෂත්වයකි.

2024 ජනවාරි මාසය තුළ දී විදෙස් සංචාරකයින් 208,253 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම යුරෝපාකරය ඇතුළු බටහිර රටවල පවතින ශීත සෘතු තත්ත්වය හේතුවෙන් මෙම වකවානුව තුළ වැඩි වශයෙන් එම කලාපයේ සංචාරකයින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපය වෙත පැමිණීමක් දැකිය හැකි වේ.

Related Articles

Back to top button